ධම්ම සේවකයින් සඳහා විනය නීති මාලාව

ධම්ම සේවයේ වටිනාකම පිළිබඳ ගොඒන්කා තුමාගේ පණිවුඩයක්

ඔබ සේවය කරන අතර ධර්මය දිනපතා ජීවිතයට අනුයුක්ත කර ගන්නේ කෙසේ දැයි ඉගෙන ගන්නා බව අවබෝධ කර ගත්හ. කෙසේ වෙතත් ධර්මය යනු දිනපතා වගකීම් වලින් පැන යාමක් නොවේ. භාවනා පාඨමාලාවක් හෝ මධ්‍යස්ථානයක් වැනි කුඩා ලෝකයක සිසුන් සහ එහි උද්ගත වන තත්‍වයන් ද ධාර්මික ව හසුරුවා ගැනීමට ඉගෙනීම, ඔබට බාහිර ලෝකයේ දී ද එම ක්‍රමයට ම හැසිරීමට පුහුණුවක් ලබා දෙයි.අනෙකෙකුගේ අනවශ්‍ය හැසිරීම වෙනුවට ඔබ ඔබගේ මානසික සමතුලිතතාව පවත්වා ගනිමින් කරුණාව සහ මෛත්‍රිය පැතිර වීමට උත්සාහ ගනී. ඔබ මෙහි දී ඉගෙනීමට උත්සාහ කරන පාඩම මෙයයි. ඔබ ද පාඨමාලාවට සහභාගී වන සිසුන් මෙන් ම සිසුවෙකි.

නිහතමානී ව අනුනට සේවය කරන අතර තමා ද ඉගෙන ගන්න. මෙසේ සිතන්න. ‘‘මා මෙහි පුහුණු වන්නේ ආපසු කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ. මා සේවය කරන්නේ අන් අය ධර්මයෙන් ප්‍රයෝජන ලබා විය යන බලාපොරොත්තුවෙනි. හොඳ ආදර්ශයක් ලබා දීමෙන් සහ එසේ කිරීමෙන් මට ද ධර්මයේ ප්‍රයෝජන ලැබේ’’

ධම්ම සේවාවේ යෙදෙන සියල්ලෝ ම ධර්මය වර්ධනය කර ගනිත්වා .ඔබ, අන් අය කෙරෙහි දක්වන දයාව කරුණාව සහ මෛත්‍රිය දියුණු කර ගනිත්වා. ඔබ සියලු දෙනා ම නියම සැනසිල්ල ශාන්තිය සතුට ලබා ගැනීමට ධර්මය වර්ධනය කර ගනිත්වා.

එස් එන්. ගොඑන්කා

ධම්ම සේවය ඔබට ඉතා ඵලදායී වේවා.ඔබට සාර්ථකත්වය සඳහා සුභ පතමින් පහත දැක්වෙන තොරතුරු සපයමු. සේවය සඳහා පැමිණීමට කරුණාකර ඒවා කියවන්න.

පරාර්ථ සේවය

අන්‍යයන් වෙනුවෙන් කරනු ලබන සේවය ධම්ම මාර්ගයේ අත්‍යවශ්‍ය අංගයකි, විමුක්ති උදෙසා තබනු ලබන වැදගත් පියවරකි. විපස්සනා පුහුණුවෙන් සිතේ පවත්නා කෙලෙස් මල ක‍්‍රමයෙන් ඉවත් කර අභ්‍යන්තර සාමය සහ සැනසිල්ල උදා කරවයි. මුලදී මෙය පුර්ණ වශයෙන් විමුක්තිය ලැබීමක් නොවන නමුත්, සුවිශේෂී වු ධර්මය පිළිබඳව ලැබුවාවු පුහුණුව වෙනුවෙන් තමා තුල අනුපමේය කෘතවේදී භාවයක් ඇති කරවයි. මෙම කරුණා මෛත්‍රි සහගත හැගීම් සමග අන්‍යයන්ද දුකින් මුදවාලීම සඳහා උපකාර කිරීමේ කැමැත්තක් නැතැතින්ම පහලවේ. කිසිදු ලාභාපේක්‍ෂාවකින් තොරව සේවා සපයා අන්‍යයන්ට ධර්මාවබෝධය පිණිස උපකාර වීමෙන්, ඇතිවු කෘතවේදි භාවය ඵල කිරීමේ අවස්ථාවක් උදාවේ. ආත්මාර්ථයෙන් තොරව කරනු ලබන සේවය නිසා අප තුල පවතින හුදු මමත්වය හීන වන අතර, දස පාරමිතා වර්ධනය කර ගනිමින් අපටම ඉමහත් සේවයක් කර ගැනීමට හැකියාව ලැබේ.

ධම්ම සේවය සඳහා සුදුසු වන්නේ කවුද?

ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ දස දින විපස්සනා පාඨමාලාවක් සාර්ථකව සම්පුර්ණ කල සහ අවසාන පාඨමාලාවට පසුව වෙනත් කිසිදු භාවනා ක‍්‍රමයක් ප‍්‍රගුණ නොකල සිසුවෙකුට ධම්ම සේවා සැපයීම සඳහා ඉදිරිපත් විය හැකිය. ඔවුන්ට තම නිවසේ දී දිනපතා භාවනා කිරීමට ද උනන්දු කරවනු ලැබේ.

විනය නීති මාලාව

වෙනයම් ආකාරයකට සඳහන් කර නොමැති නම්, දහම් සේවයකයන් හැකි තරම් දුරට භාවනා පාඨමාලා විනය නීති සංග්‍රහයේ නීති රීති අනුගමනය කළ යුතුය. මෙම නියමයන් දහම් සේවයකයන්ටද අදාළ වේ. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී වෙහෙස සංසිඳුවා ගැනීම් අවශ්‍ය වන අතර එයට අවසර දෙනු ලැබේ.

පංච ශීලය

විනය නීති මාලාවේ පදනම පංච ශීලයයි. 1. ප‍්‍රාණ ඝාතයෙන් වැළකීම 2. සොරකම් කිරීමෙන් වැළකීම 3. සියලූ ලිංගික ක්‍රියාකාරිකම් වලින් වැළකීම 4. වැරදි ‍ කතාවෙන් වැළකීම 5. මත්ද්‍රව්‍ය, මත්කුඩු ආදිය භාවිතයෙන් වැළකීම

මෙම ශික්ෂාපද පහ මධ්‍යස්ථානයේ සියලු දෙනාටම අනිවාර්ය වන අතර සෑම විටම අකුරටම පිළිපැදිය යුතුය. ධම්ම සේවය කරන්නන් තම දෙෙනික ජීවිතයේ දී පවා දැඩි ලෙස පංච ශීලය දැඩිව රකිනු ඇතැයි බලාපොරොත්තු වනු ලැබේ.

උපදෙස් පිළිගැනීම

ධම්ම සේවා සපයන්නන් ගුරුවරුන්ගේ, සහායක ගුරුවරුන්ගේ, සහ මධ්‍යස්ථාන පාලනාධිකාරියේ, භාවනාවෙන් හා සේවාවලින් තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන්ගේ උපදෙස් හා මග පෙන්වීමට නම්‍යශීලී විය යුතු ය. ස්ථාපිත ක්‍රියා මාර්ග වෙනස් කිරීම හෝ අනුමැතියෙන් තොර ව්‍යාපෘති හඳුන්වා දීමෙන් හෝ වගකිය යුත්තන්ගේ උපදෙස් වලට පටහැණි ක්‍රියා කිරීමෙන් වියවුල් හට ගැනීම හා පරිශ්‍රමය දෙගුණ වීම ද කාලය සහ ද්‍රව්‍ය අපතේ යාම ද සිදු වේ. තනි මතයට ක්‍රියා කිරීමට තැන් කිරීම මොන ම ආකාරයෙන් වත් නිරන්තර සාමූහික හා එකඟතාවෙන් ක්‍රියා කිරීමේ ධාර්මික පරිසරයට නො ගැළපේ. උපදෙස් අනුගමනය කිරීමෙන් ධම්ම සේවකයින් ඔවුන්ගේ පුද්ගලික මත සහ එල්බ ගැනීම් පසක ලා භාවනා යෝගීන්ගේ යහපත තකා කාර්යක්ෂමව සහ සහයෝගයෙන් පාඨමාලා සහ මධ්‍යස්ථානය පවත්වා ගෙන යාමට උගනිති. ගැටලු විසඳා ගැනීමේ දී විවෘතව සහ යට හත් ව ක්‍රියා කල යුතුයි. ධනාත්මක යෝජනා සෑම විටම පිළිගනිමු.ධම්ම සේවකයින් ගුරුවරුන්ගේ , සහායක ගුරුවරුන්ගේ, මධ්‍යස්ථාන පරිපාලනයේ සහ කළමනාකරන කමිටුවේ‍ උපදෙස් අනුගමනය කළ යුතුයි. සේවයෙන් හෝ භාවනාවෙන් තමන්ට වඩා වැඩිහිටි අයගේ අවවාද සහ මාර්ගෝපදේශනවලට නම්‍යශීලී විය යුතුයි. දැනටමත් ක්‍රියාත්මක වන ක්‍රියාවලියන් වෙනස් කිරීම හෝ අනවසරයෙන් නව යෝජනා ක්‍රම ආරම්භ කිරීම හෝ වගකිව යුතු පුද්ගලයන්ගේ‍ උපදෙස්වලට පටහැනි වීම ව්‍යාකූලත්වයක් , ශ්‍රම ද්විත්තකරණයක් සහ කාලය සහ ද්‍රව්‍ය නාස්ති කිරීමක් වේ.

භාවනා යෝගීන් සමඟ සබඳකම්

ධර්ම සේවා සපයන්නන් සෑම අවස්ථාවක දීම පාඨමාලාවට සම්බන්ධව පුහුණුව ලබන සිසුන්ගේ යහපත වෙනුවෙන් කැප විය යුතු ය. භාවනා ආයතන සහ පාඨමාලා පවත්වා ගනු ලබන්නේ භාවනා යෝගීන් සඳහායි. අත්‍යවශ්‍ය කටයුත්තක යෙදෙන ඉතාමත් වැදගත් පිරිස මොවුන් ය. ධම්ම සේවා සපයන්නන්ගේ මූලික කාර්යය වන්නේ හැකි සෑම අයුරකින් ම භාවනා යෝගියන්ට උපකාර කිරීමයි. නවාතැන් පහසුකම් හා ආහාර සැපයීමේ දී භාවනා යෝගි සිසුන්ට ප‍්‍රමුඛත්වය හිමි විය යුතු ය. අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා කැප විය යුතු අවස්ථාවක දී හැර ධර්ම සේවා සපයන්නන්, යෝගීන් ආහාර ගැනීමට පෙර ආහාර නො ගත යුතු ය. ඔවුන් භාවනා යෝගීන් සමග දාන ශාලාවේ එකට අසුන් නො ගත යුතුයි.ධම්ම සේවා සපයන්නන් රෙදි සේදීම හා නෑම සඳහා නාන කාමර පාවිච්චි කල යුත්තේ භාවනා යෝගි සිසුන් ඒවා භාවිතා නො කරන අවස්ථාවල දී පමණි. භාවනා යෝගීන් නින්දට යන තුරු මතු විය හැකි ගැටලු විසඳිය යුතු බැවින් ඔවුන් නින්දට යන තුරු සේවා සපයන්නන් නිදා ගැනීම නො කල යුතු ය. අනෙකුත් සියලු ම පහසුකම් සැලසීමේ දී වුව ද මූලිකත්වය දිය යුත්තේ යෝගීන්ට ම වන අතර භාවනා යෝගීන්ට බාධා කිරීමෙන් හැකි පමණ වැළකීය යුතු ය.

සිසුන් සම්බන්ධව කටයුතු කිරීම

සිසුන් සමග සෘජු ව සම්බන්ධ වී කටයුතු කල හැකි වන්නේ ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් කැප වී කටයුතු කරන කළමනාකරුවන් සහ ධම්ම සේවකයින්ට පමණි. ධම්ම සේවිකාවන් සිසුවියන් සමග ධම්ම සේවකයින් සිසුන් සමග වශයෙනි.සිසුන් විනය නීති සහ කාලසටහන නිසියාකාරව අනුගමන කරන්නේ දැයි විමසිලිමත් විය යුතු අතර එසේ නො කරන්නේ නම් අදාළ සිසුන් සමග ඒ පිළිබඳ ව කථා කල යුතු වේ. මෙම කාර්යය සැම විටම මිත‍්‍රශීලී ව හා මෛත්‍රී සහගත ව, සිසුන් ඔවුන්ගේ ගැට‍ළුවලින් මුදවා ගැනීමට උනන්දු කිරීමේ චේතනාවෙන් ම කල යුතු ය. ඉතා කල්පනාකාරී ව, ධනාත්මක ව වචන හැසිරවිය යුතු ය සැර පරුෂ ලෙස නොවේ, එසේ කල නො හැකි නම් වෙනත් ධම්ම සේවකයෙකු ඒ වෙනුවෙන් යෙදවිය යුතු ය. ධම්ම සේවකයින් සෑම අවස්ථාවකට උපකල්පන වලින් බැහැරව වැරදි හැසිරීම් ලෙස පෙනෙන ක්‍රියා සම්බන්ධව සිසුන්ගෙන් හේතු විමසා බැලිය යුතු ය.

ධම්ම සේවා සපයන්නන් ගෞරවනීය ආචාරශීලී හැසිරීමකින් යුක්ත විය යුතු අතර සිසුන් ඔවුන් කරා පැමිණිවිට උපකාර කිරීමට සුදානමින් සිටිය යුතුය. සාමන්‍යයෙන් සිසුවාගේ නම අසා දැන ගැනීම උපකාරී විය හැකිය. ගැටළුවේ සභාවය අනුව, ඉතා අඩු කථා ඇතිව සිසුවාගේ අවධානයට බාධානොවන ලෙස අදාල තැනැත්තා වෙත. (සහායක ගුරුවරයා හෝ පාඨමාලා කළමණකරු වෙත)යොමු කිරීමට උත්සහ කලයුතුය. ධම්ම සේවකයින් සිසුන්නගන භාවනා ක‍්‍රමයට අදාල ප‍්‍රශ්ණ වලට පිළිතුරු සැපයීමට උත්සාහ කිරීමෙන් වැලකීය යුතු අතර එම ගැටළු සහායක ගුරුවරයා වෙත ඉදිරිපත් කරන ලෙස යෝජනා කල යුතුය. එමෙන්ම සිසුන්ට කළමනාකරීත්‍වය සමග කටයුතු කිරීමට කිසියම් අවශ්‍යතාවයක් ඇතිවුයේ නම් ඒ පිළිබඳව සහායක ගුරුවරයා දැනුවත් කල යුතුය. සිසුන්ගේ පෞද්ගලික තොරතුරු කිසිවිටක අනවශ්‍ය ලෙස අන්අය හා සාකච්ඡා කිරීමෙන් වැලකිය යුතුය.

ධම්ම සේවකයින් විසින් භාවනාව ප්‍රගුණ කිරීම

Dhamma servers should serve conscientiously, without wasting time, giving full attention to their work; this is their training. At the same time, they must also maintain their meditation practice. Every server must meditate at least three hours daily; if possible, this should be during the group sittings at 8:00 a.m., 2:30 p.m. and 6:00 p.m. In addition, every evening that an assistant teacher is present, there is a short meditation session for servers in the Dhamma hall at 9:00 p.m. These meditation periods are essential for the well-being of the Dhamma servers. Servers on a course should practice Vipassana, using Anapana when needed. Dhamma servers may change their positions during group sittings if they wish.

සෑම විටම ධම්ම සේවා සපයනන්නට තමන් නිරීක්‍ෂණය කිරීමේ වගකීම පවතී. සෑම අවස්ථාවකදීම උපේක්‍ෂාවෙන් සිටීමට උත්සාහ කල යුතු අතර තමා කරන කැපවීම පිළිබඳව සිහිය පවත්වා ගත යුතුය. තමා පමණට වඩා වෙහෙසට පත්වි ඇති නිසාහෝ වෙනත් කරුණක් නිසා මේ තත්‍වය පවත්වා ගැනිිමට අපහසුබවක් දැනුනහොත් ඔවුන් කෙතරම් කාර්්‍යය බහුලවුවත් වැඩිපුර භාවනාවට හෝ විවේක ගැනීමට යොමුවිය යුතුවේ. ධම්ම සේවකයින් තමන් නැතිවම බැරි පිරිසකැයි උපකල්පනය නොකල යුතුවේ. කෙනෙකුට හරියාකාරව ධම්ම සේවය සැපයිය හැකිවන්නේ තමා තුල සාමය හා සැනසිල්ල පවතින්නේ නම් පමණි. පදනම ධනාත්මක නොවේනම් කරනු ලබන සේවයෙන් නියමාකාර ප‍්‍රයෝජනයක් නොලැබේ. දීර්ඝ කාලීනව මධ්‍යස්ථානයක රැුදී සිටින ධම්ම සේවා සපයන්නන් සම්පුර්ණයෙන් තම කටයුතු පසෙකලා වරින්වර දසදින පාඨමාලාවට සහභාගී විය යුතු අතර තමා කල ධම්ම සේවා වෙනුවෙන් කිසිදු විශේෂ සැලකීලි හෝ වරප‍්‍රසාද අපේක්‍ෂා නොකල යුතුය.

සහායක ගුරුවරුන් හමු විම

ගැටලු සහ අපහසුතාවයන් ගැන ගුරුවරුන් හෝ සහායක ගුරුවරුන් සමග ධම්ම සේවකයින් සාකච්ඡා කළ යුතුයි.

පුරුෂ - කාන්තා වෙන්කිරීම්

පාඨමාලාවක් තුළ දී සහ පාඨමාලා අතර කාලවල දී ද මෙම වෙන්ව කටයුතු කිරීම නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වේ. සමීපව කටයුතු කිරිමට සිදුවීම නිසා ලිංගික වශයෙන් මුලුමනින්ම වෙන්වෙන්ව සිටීම ධම්ම සේවකයන් හට ප්‍රායෝගික නොවේ. මෙම තත්වය යටතේ ධම්ම සේවය කිරීම කාන්තාවන්ට සහ පිරිමින්ට අනවශ්‍ය ලෙස සමාජගත වීමට ඇති අවස්ථාවක් ලෙස වරදවා තේරුම් නොගත යුතුයි. ධම්ම සේවක අඹු සැමියන්ට මෙම නීිතිය වඩාත් වැදගත් වේ.

ශාරීරික ස්පර්ශ

භාවනා පරිසයේ පාරිශුද්ධ තාවය හා පුහුණුවේ තමා දෙසටම යොමු වුණු ස්වභාවය ආරක්‍ෂා කර ගැනීම සහ සිසුනට ආදර්ශමත් වීම සඳහාත්, සියළුම ධම්ම සේවා සපයන්නන්, සෙසු ධම්ම සේවකයින් හෝ භාවනා යෝගීන් අතරත් (ගැහැණු/පිරිමි) කිසිම ශාරීරික ස්පර්ශයක් කිරීමෙන් වැළකිය යුතුය. මෙම නීතිය පාධමාලා කාලය තුළත්, අතරතුර කාලයේදීත් සැම විටම අනුගමනය කළ යුතුය.

උතුම් කතාව

භාවනා යෝගීන්ගේ උතුම් නිශ්ශබ්දතාවයට ධම්ම සේවකයින් විසින් ගරුකළ යුතුයි. ඔවුන් භාවනා අංගණය තුළ නිශ්ශබ්දතාවය රැකිය යුතු අතර අවශ්‍ය වූ විට පමණක් කථා කළ යුතුයි. ඇසෙන දුරප්‍රමාණයක යෝගීන් නොසිටියත් පාඨමාලාවක් පැවැත්වෙමින් නොතිබුණත් අනවශ්‍ය ලෙස නිශ්ශබ්දතාවයට බාධා නොකර සිටීම වැදගත් වේ.

කථා කරන විට ධම්ම සේවකයින්

  • බොරු කීමෙන් වැළකී සිටීම හෙවත් සත්‍ය පමණක් කීම
  • පරුෂ වචන කීමෙන් වැළකී සිටීම වැනි නිවැරදි කථාව ප්‍රගුණ කළ යුතුයි. Someone practicing Dhamma should always be polite and soft-spoken.
  • Slander or backbiting. There should be no criticism of others arising from one's own negative feelings. A problem should be brought to the attention of the person concerned or to the assistant teachers or center management.
  • Idle gossip, singing, whistling or humming.

උතුම් කතාව කිසිදු සැකයකින් තොරව, නිශ්ශබ්දතාවයට වඩා අපහසුවේ. එම නිසා එය ධර්ම මාර්ගය අනුගමනය කරන ඕනෑම කෙනෙකුට එය පුහුණු වීම ඉතා වැදගත් වේ.

බාහිර පෙනුම

අන් අය ඉදිරියේ ධම්ම සේවා පිරිස, ඉගැන්වීම සහ මධ්‍යස්ථානය නියෝජනය කරන්නෝ වෙති. මේ හේතූන් නිසා ධම්ම සේවාවල යෙදෙන්නන් සැම විටම සිය පෙනුම පිළිවෙලට සහ පිරිසිදුවට පවත්වා ගත යුතුය. ඇඟට තද, විනිවිද පෙනෙන, රළු ප‍්‍රසන්න නොවන ශරීරය අනවශ්‍ය ලෙස ප‍්‍රදර්ශනය වන හෝ අනවශ්‍ය අවධානයට යොමු වන (කොට කලිසම්, කෙටි සාය, අත් නොමැති හෝ ඇඟට තද වන සේ සැකසූ හැට්ට, ඇස යොමුවන වචන හෝ චිත‍්‍ර සහිත ටී ෂර්ට්, ඇඟට තද වන කලිසම් ආදිය) ඇඳීම නොකල යුතුය.

දුම් පානය

It is assumed that one who has accepted Dhamma is no longer involved in the use of intoxicants such as alcohol, hashish, marijuana, and so forth. The use of tobacco in any form is also totally forbidden, indoors or outdoors, either within or outside of the meditation compound. Neither should Dhamma servers leave the property to smoke.

ආහාර

කිසිම දර්ශකයකට අනුගත නොවූ සරල පෝෂ්‍යදායී නිර්මාංශ ආහාර මධ්‍යස්ථානයෙන් සපයනු ලැබේ. සියලූම භාවනායෝගී සිසුන් මෙන්ම ධම්ම සේවා සපයන්නන්ද පැවිදි ජීවිතයක් ගත කරන්නවුන් මෙන් ලැබෙන දෙයකින් සෑහීමට පත් වීම අපේක්‍ෂා කෙරේ.

පාඨමාලාවල ආහාර සකස් කර පිරිනමනු ලබන්නේ මුලුමනින්ම නිර්මාංශ නිසා, මත්පැන් හෝ මද්‍යශාරය , බිත්තර හෝ බිත්තර අඩංගු ආහාර,( මෙයෝන්ස්, ආදිය), හෝ සත්ව මුහුන් අඩංගු චීස් ආදි ආහාර, මධ්‍යස්ථානය වෙත ගෙන ඒ්ම නොකළ යුතුයි. සාමාන්‍යයෙන්, පිටතින් ආහාර ගෙන ඒ්ම ඉතාමත් අවම විය යුතුයි.

ධම්ම සේවකයන් පන් සිල් රකින නිසා, ඔවුන් කැමති නම් රාත්‍රි කාලයේ දී ආහාරයක් ගත හැක. උපවාස කිරීමට අවසර නැත.

කියවීම

පුවත්පත් හෝ සඟරා මඟින් එදිනෙදා සිදුවීම් පිළිබඳව දැැනුවත් වීමට කැමති මෙම සේවාවේ යෙදෙන්නන්ට සිසුන්ගේ අවධානය යොමු නොවන පරිදි තමනට වෙන් වූ විවේක ස්ථාන වලදී ඒවා පරිහරණය කල හැකිය. පුවත් පතකට වඩා වැඩපුර කියවීමට කැමති අයට මධ්‍යස්ථානයේ ධම්ම පුස්තකාලයේ ඇති අනුමත කල ලැයිස්තුවට අයත්, පොත් පත් තෝරා ගත හැකිය. විනෝදාස්වාදය සඳහා ලියවී ඇති නවකථා හෝ වෙනත් පොත් කියවීමට අවසර නොමැත.

බාහිර සම්බන්ධතා

ධම්ම සේවා සපයන්නන් සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් ඉවත් වීම අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් ඔවුන්ට සේවා සපයන කාලය අතරතුර අත්‍යවශ්‍ය කරුණකට වුව ද පාඨමාලා භූමියෙන් පිටවී යාමට හැකි වන්නේ පාඨමාලාව මෙහෙයවන සහායක ගුරුවරයාගේ හෝ පාලන අධිකාරියේ අනුමැතිය ඇති වය. දුරකතන පණිවුඩ හැකි පමණ අවම කල යුතු ය. පුද්ගලික අමුත්තන් මධ්‍යස්ථානයට පැමිණ සේවා සපයන්නන් හමු විය හැකි වන්නේ පාලන අධිකාරියේ පූර්ව අනුමැතිය ඇති වය.

මධ්‍යස්ථානය පිරිසිදුව තබා ගැනීම

මධ්‍යස්ථානය පිළිවෙළකට සහ පිරිසිදුව පවත්වා ගැනීමට උපකාර කිරීම ධම්ම සේවා සපයන්නන්ගේ වගකීමයි. මුළුතැන්ගෙය සහ දාන ශාලාවට අමතරව නේවාසිකාගාර, භාවනා ශාලාව සහ නාන කාමර,කාර්යාල කාමර, සහ අනිකුත් ස්ථාන ද ඔවුන්ගේ අවධානයට යොමු විය යුතුයි. ධම්ම සේවකයින් අවශ්‍ය වූ විටක අදාළ සේවා වන්ට අමතරව ඉඳහිට කල යුතු කාර්යයක් ඇත්නම් ඒ සඳහා දායක වීමට ද සූදානමින් සිටිය යුතුයි.

මධ්‍යස්ථානය සතු දේපොළ පරිහරණය කිරීම

සෑම විපස්සනා ශිෂ්‍යයෙකු ම තමාට නො දුන් දේ ගැනීමෙන් වැළකීමට පුහුණුව ලබයි. ධම්ම සේවාවේ යෙදෙන්නන් ද පාලන අධිකාරියේ පූර්ව අවසරයක් නොමැතිව මධ්‍යස්ථානය සතු දේ තමාගේ පුද්ගලික පරිහරණයට නො ගත යුතු ය.

දීර්ඝ කාලයක් මධ්‍යස්ථානයේ රැඳී සිටීම

සහකාර ගුරුවරයෙකුගේ එකඟත්වය ඇතිව, සැබවින්ම කැපවුනු ශිෂ්‍යයන් ධර්මයේ න්‍යාය සහ භාවිතයේ වඩාත් ඉහල ස්ථාවරයක් තහවුරු කර ගැනීම සඳහා මධ්‍යස්ථානවල දිගු කාලයක් රැදී සිටිය හැකිය. මෙම කාලය තුළ ගුරුවරුන් හා කළමනාකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් තීරණය කරනු ලබන පරිදි, සමහර පාඨමාලාවල භාවනා කිරීමටත් වෙනත් පාඨමාලාවල සේවය කිරීමටත් හැකි වනු ඇත.

දාන

සිසුන් සඳහා වූ විනය නීති මාලාවේ, පාඨමාලාවල හෝ මධ්‍යස්ථාන වල ඉගැන්වීම සඳහා හෝ කෑම නවාතැන් සහ අනෙකුත් පහසුකම් සැපයීම සඳහා අය කිරීම් නො කරන බව සඳහන් වේ. මෙය ධම්ම සේවා සපයන්නන්ට ද අදාළ වේ.

උතුම් වූ ධර්ම දානය සැම විටම දෙනු ලබන්නේ අය කිරීමකින් තොර වය. ආහාර, නවාතැන් සහ අනෙකුත් පහසුකම් සපයනු ලබන්නේ පැරණි සිසුන්ගෙන් ලැබෙන පරිත්‍යාගවලිනි. ධම්ම සේවා සපයන්නන් මේ ගැන මනා අවබෝධයෙන්, ලබා දී ඇති පහසුකම් වලින් හොඳින් ප්‍රයෝජනය ගෙන තම සේවා සැපයිය යුත්තේ පැරණි ශිෂ්‍යයින්ට තම දාන වලින් හෝ උපරිම ඵල ලැබෙන පරිද්දෙනි. එසේම ධම්ම සේවකයින්ට ද තම දාන පාරමිතා සපුරා ගැනීම සඳහා තමන්ට හැකි පමණින් , අනුන්ගේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කල හැකියි. පාඨමාලා සහ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කල හැකි වන්නේ කෘතවේදී සිසුන්ගේ පරිත්‍යාග මත පමණි.

කිසිවකු තමා වෙනුවෙන් මුදලින් හෝ වෙනත් ද්‍රව්‍යයකින් ගෙවීම් නො කළ යුතුයි. සියලුම පරිත්‍යාග අන් අයගේ යහපත සඳහායි. ධම්ම සේවය, තමාට ලැබෙන ආහාර හා නේවාසික පහසුකම් සඳහා තමා විස්තර කරනු ලබන ගෙවීමක් ද නොවේ. අනෙක් අතට ධම්ම සේවාව තමාට ම කර ගනු ලබන යහපතක් වන්නේ වඩා වටිනා දහම් පුහුණුවක් එයින් ලැබෙන බැවිනි. පාඨමාලාවකින් හෝ මධ්‍යස්ථානයකින් භාවනා පුහුණුව සඳහා අවස්ථාව ලැබෙන අතරම ප්‍රායෝගික ව ධර්මය උපයෝගී කර ගනිමින් අන්‍යයන් සමඟ කාරුණිකව හා නිහතමානී ව සේවය කිරීමටත් කටයුතු කිරීමටත් අවස්ථාව සැලසේ.

සමාප්තිය

ධම්ම සේවා සපයන්නන් සහායක ගුරුවරුන් සහ කළමනාකාරිත්වයේ මඟ පෙන්වීම අනුව සේවය සැපයිය යුතුයි. භාවනා කරන යෝගීන්ට කිසිම අයුරකින් බාධා නොවන පරිදි තමාට හැකි සියලු ම උපකාර කළ යුතුයි. ධර්මය ගැන සැක සහිත අය තුළ ධර්මය ගැන විශ්වාසය ගොඩනැංවීමටත්, ධර්මය පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති අයගේ ද ශ්‍රද්ධාව තව දුරටත් වර්ධනය වීමටත්උපකාර වන අන්දමේ ක්‍රියා පිළිවෙතක් ධම්ම සේවා සපයන්නන් සතු විය යුතුයි. ඔවුන් සැම විටම තම සේවයේ අවශ්‍යතාව, අනුනට උපකාර වීම බව මතක තබා ගත යුතු අතර එසේ කිරීමෙන් තමා තමා තුළ ම ධර්මය වර්ධනය කර ගනී.

මෙම නීති ඔබට කිසියම් අපහසුතාවයක් ගෙන දේ නම් වහාම සහායක ගුරුතුමාගෙන් හෝ කළමනාකාරිත්වයෙන් විමසා පැහැදිලි කර ගන්න.

ධම්ම මාර්ගයේ, විමුක්ති මාර්ගයේ, සියලු දුකින් මිදීමේ මාර්ගයේ, නියම සතුට ගෙන දෙන මාර්ගයේ ඉදිරියට යාමට ඔබගේ මෙම ධම්ම සේවය උපකාරි වේවා.

සියලු සත්ත්වයෝ සතුටට පත් වෙත්වා