ජීවත්වීමේ කලාව :විපස්සනා භාවනාව

මෙම ලිපිය ගොඑන්කාතුමා විසින් 1980 දී ස්විට්සර්ලන්තයේ බර්න් නුවරදී පවත්වන ලද ප‍්‍රසිද්ධ දේශනය පදනම් කරගෙන සැකසුණකි.

සෑම කෙනෙක්ම සාමය සැනසිල්ල ප‍්‍රාර්ථනා කරන්නේ අපේ ජීවිත තුළ අපට නැත්තේ ද එයම බැවිනි. කලින් කලට අප හැමකෙනෙක්ම සිත් කැළඹිල්ල කණස්සල්ල දොම්නස, දුක අත් විඳින්නෙමු. සිත කැළැඹී දුක්විඳින අප අපේ දුක් දොම්නස් අපටම සීමා කරගන්නේ ද නැත. අපි ඒ දුක් දොම්නස් ඒ අයුරින්ම අන් අයට ද බෙදා හරිමු. දුකින් දොම්නසින් කල්ගතකරන කෙනෙකු අවට වාතාවරණයට ද දුක් දොම්නස් පැතිරී, ඔහුට සමීප වන තැනැත්තා ද කැළඹෙයි. සත්‍යවශයෙන් ම මෙය ජීවත්වීමට සුදුසු මාර්ගයක් නොවේ.

අපි අප සමඟද අන් අය සමඟද සාමයෙන් සමාදානයෙන් ජීවත්විය යුත්තෝ වෙමු. සමාජයීය සත්වයෙකු ලෙස ජීවත්වන මිනිසා සමාජයෙහි අන් අය සමඟ ද සහසම්බන්ධතාවය පැවැත්විය යුතුය. එහෙත් අප සාමයෙන් ජීවත්වන්නේ කෙලෙසද? අන් අයට සාමයෙන් සැනසිල්ලෙන් දිවි ගෙවන්නට හැකිවන අයුරින් අපි අප තුළ සාමය හා සැනසිල්ල පවත්වා ගන්නේත්, අප අවට වාතාවරණයෙහි සාමය සැනසිල්ල පවත්වා ගන්නේත් කෙසේද?

මෙම කැළැඹිල්ලෙන් මිදීමට නම්, අප ඊට අදාළ මූලික හේතුව, දුකට හේතුව සොයා ගත යුතුය. අප ගැටළුව විමසා බැලූවහොත් අපේ සිතේ ඕනෑම අපිරිසිදු බවක්, ක්ලේශයක් මතුවන හැම විටම අප දුකට පත්වන බව අපට පැහැදිලි වෙයි. සිතේ මතුවන ක්ලේශයක, අපිරිසිදු බවක් සමඟ සාමය හා සමාදානයට එක්ව පැවතිය නොහැක.

අප සිතේ අපිරිසිදුතාවයක් මුලින්ම මතුවන්නේ කෙලෙසද? විමසා බැලීමෙන් එයද පැහැදිලි වේ. අප අකමැති ආකාරයට කිසිවෙකු හැසිරෙන විට හෝ අකමැති*දෙයක් සිදුවන විට අපි අසතුටට පත්වෙමු. බලාපොරොත්තු නොවූ දේ සිදුවන විට ඇතුළතින් පීඩාවට පත්වෙමු. අපේ අරමුණු ඉටු නොවන විට, ගමන්ගන්නා මග බාධක හමුවන විට අපි, නැවත ඇතුළත ආතතීන් නිර්මාණය කර ගන්නෙමු. ඇතුළත ගැට ගසා ගන්නෙමු. මුළු ජීවිතය පුරාම අප අකමැති දේ නිරන්තරයෙන්ම සිදුවන අතර අප කැමති දේද සිදුවිය හැකිය. සිදු නොවිය හැකිය. එසේම ඒවාට ප‍්‍රතික‍්‍රියා දැක්වීමේ ක‍්‍රියාවලියද නොකඩවා සිදුවෙමින් අප තුල අපේ මුළු ශාරීරික හා මානසික (නාම*රූප* ව්‍යුහයම ආතතියට පත්ව, දොම්නසින් පීඩාවට පත්ව, මුළු ජීවිතයම දුකක් වෙයි.

මේ අනුව, මෙම ගැටළුවෙන් මිදීමට ඇති එක් මගක් නම් අප ජීවිතෙයහි කිසිවක් අප අකැමැති ආකාරයට සිදුනොවී සියලූ දේ සපුරා අප කැමැති ආකාරෙයන්ම සිදුවන සේ කටයුතු සැලැස්වීමය. අප අකැමැති දේ සිදුනොවී අප කැමැති හැම දෙයක්ම සිදුවන ආකාරයට සකස් කරගැනීම සදහා එක්කෝ අප බලවත් විය යුතුය. නැත්නම් බලවත් කිසිවෙකු අප ආධාරයට පැමිණිය යුතුය. කිසිදු අකැමැති දෙයක් සිදුනොවී හැම දෙයක්ම ඔහුගේ හෝ ඇයගේ රුචියටම ගැලපෙන සේ ජීවිතයෙහි සියල්ල සිදුවන, සියලූ අරමුණු නිබඳවම එසේම ඉටුවන කිසිවෙකුත් මෙලොව නැත. අපේ අරමුණු වලට හා බලාපොරොත්තු වලට පටහැනි දේ නිරතුරුවම සිදුවෙයි. එනයින් ගැටළුවක් පැන නගියි. අප අකැමැති දේ ඉදිරියේ අන්ධයින් සේ ප‍්‍රතික‍්‍රියා දැක්වීමෙන් මිදෙන්නේ කෙලෙසද? අප ඇතුළත පීඩනයට පත්කර නොගෙන සාමයෙන් හා සමාදානයෙන් ජීවත් වන්නේ කෙලෙසද?

ඉන්දියාවේ මෙන්ම අනෙකුත් රටවලද බුද්ධිමත් යහපත් පුද්ගලයින් මෙම ගැටළුව,* මිනිසා විඳින දුක පිළිබද ගැටළුව*අධ්‍යයනය කරමින් විසඳුමක් සොයා ගත්හ. එනම්, ඔබ අකමැති කිසියම් දෙයක් සිදුවී ඔබ තරහෙන්, බයෙන් හෝ එවැනි ඍණ හැÛීමකින් ප‍්‍රතික‍්‍රියා දැක්වීම අරඹන විට හැකිතරම් ඉක්මනින් අවධානය වෙනත් අරමුණක් වෙත යොමු කළ යුතුය. උදාහරණයක් ලෙස නැගී සිටින්න. වතුර වීදුරුවක් ගන්න, පානය කරන්න. ඔබේ කෝපය වැඩිදියුණු නොවේ. එය කෙමෙන් අඩුවීමට පටන් ගනී. එසේ නැතිනම් ගණන් කිරීමට පටන් ගන්න.* එක, දෙක, තුන, හතර, * එසේත් නැතිනම් වචනයක් හෝ වාක්‍යයක්, කිසියම් මන්ත‍්‍රයක් හෝ ඔබ බැතිමත්ව වඳින පුදන දෙවි කෙනෙකුගේ නාමයෙන් නොකඩවා යළි යළිත් කීමෙන් ඔබේ මනස වෙනතකට යොමු වන අතර, කිසියම් ප‍්‍රමාණයකට ඔබ ඔබේ කෝපයෙන් හෝ එවන් වූ ඍණ හැඟීමෙන් නිදහසක් ලබනු ඇත.

මෙම විසඳුම උපකාරයක් විය. එය ඵලදායක ද විය. එය අදටත් ක‍්‍රියාත්මක වෙයි. මෙසේ ක‍්‍රියා කිරීමෙන් මනස කැළඹීමෙන් නිදහස් වේ. එසේ වුවද එම විසඳුම සාර්ථක වන්නේ සිතේ මතුපිට මට්ටමේදී පමණි. මතුපිට තලයෙහි සාමය හා සමාදානය පවතින නමුදු සිතෙහි ගැඹුරෙහි සිත පතුලට ඔබන ලද ඍණාත්මක හැඟීම් වලින් සැදුන නිද්‍රෝපගත ගිනිකන්ද කවර අවස්ථාවකදී හෝ බිහිසුණු පිපිරීමකට ලක්වනු ඇත.

ඇතුලාන්ත සත්‍යය ගවේෂණය කළ වෙනත් ගවේෂකවරු සිය සමීක්ෂණ තවත් ඉදිරියට ගෙන ගොස් සිත සහ සිරුර පිළිබද සත්‍යතාවයන් තමා තුළම අත්විදිමින් සිත වෙනතක යොමු කිරීම ප‍්‍රශ්නයෙන් පලායාමක් පමණක් ලෙස හඳුනා ගත්හ. පලායාම විසදුමක් නොවේ. ඔබ ප‍්‍රශ්නයට මුහුණ දියයුතුය. සිතෙහි ඍණ සිතුවිල්ලක් ජනිත වූ විගස එය නිරීක්ෂණය කළහොත් එහි ශක්තිය හීනවීමට පටන්ගනී. ක‍්‍රමක‍්‍රමයෙන් එම සිතුවිලි පහවී, මුලූමනින්ම උපුටා දැමේ.

එය හොඳ විසඳුමකි; මැඩපැවැත්වීම සහ පිටකිරීම යන අන්ත දෙකම එය අත්හරියි.

මේ විසඳුම ඉතා විශ්මයජනක දෙයක් ලෙස හැෙඟන නමුදු එය සැබවින්ම ප‍්‍රායෝගික ද? සාමාන්‍ය කෙනෙකුට කෙලෙස් වලට මුහුණ දීමේ හැකියාව තිබේ ද? අප තුළ කෝපය මතු වූ විට එය අපව කොතරම් වේගයෙන් යටපත් කරගනී දැයි කිවහොත් එය අපේ අවධානයට පවා ලක් නොවේ. එවිට කෝපයෙන් මුසපත් වන අපි අපට සහ අන් අයට හානිකර ශාරීරික හෝ වාචික ක‍්‍රියාවන්ට පෙළඹෙමු. පසුව කෝපය නිවී යෑමෙන් අනතුරුව, මේ තැනැත්තාගෙන්, අර තැනැත්තාගෙන් නැත්නම් දෙවියන්ගෙන් සමාව අයදිමින් හඬා වැටෙමු. පසු තැවෙමු. ”අනේ මට සමාවෙන්න, මගෙන් අත් වැරැුද්දක් සිදුවුණා,” එනමුදු ඊළඟ අවස්ථාවේත් ඊට සමාන සිදුවීමකදී අපි නැවත එම අයුරින්ම ප‍්‍රතික‍්‍රියා දක්වමු. පසුතැවීමෙන් කිසිදු ප‍්‍රතිඵලයක් අත් නොවේ.

අපට ඇති අපහසුතාවය නම් මානසික අපිරිසිදුතාවය ඇරඹෙන විට එය හඳුනා ගැනීමට අපොහොසත් වීමයි. යටිසිතේ පත්ලෙන් මතුවන ක්ලේශයන් උඩුසිත කරා එළඹෙන විට විශාල ශක්තියක් රැුස් කරගෙන පැමිණෙන හෙයින් ඉන් මුසපත් වන අපට එය නිරීක්ෂණය කළ නොහැක.

අප කෝපයට පත්වීම පටන්ගන්නා විගසම ”ඔන්න තරහා එනවා” යි මට දැනුම් දෙන්නට මා පුද්ගලික ලේකම්වරයෙකු පත් කරගත්තා යයි සිතමු. මා කෝපයට පත්වන්නේ කවර වේලාවකදැයි නොදන්නා බැවින් පැය විසිහතර පුරා වාර 3 කට පුද්ගලික ලේකම්වරු තුන් දෙනෙකු මට අනතුරු ඇඟවීමට පත් කර ගන්නවා යි කියමු. තරහ එන්න පටන් ගන්න විටම ලේකම් කියනවා, ”ඔන්න තරහා එනවා” එවිට මා කරන පළමු දේ නම්, ඔහුට බැණ වැදීමයි.”මෝඩයා මං උඹට පඩි ගෙවන්නේ මට උගන්නන්න කියලා හිතුවාද”? කෝපයෙන් මුසපත් වී සිටින මට යහපත් අවවාද උපකාරී නොවේ.

මට ප‍්‍රඥාව පහළ වී මා ඔහුට බැණ වැදුනේ නැතැයි සිතමු. ඒ වෙනුවට ”ඔබට බොහෝම ස්තූතියි. මා දැන් වාඩි වෙලා මගේ කෝපය නිරීක්ෂණය කරන්න ඕන” මම කියමි. එනමුදු එය කළ හැකිද? මා හිඳගෙන කෝපය නිරීක්ෂණය කිරීම ඇරඹූ විගසම මගේ කෝපයට හේතු වූ අරමුණ, මගේ කෝපය උත්පාදනය කළ තැනැත්තා හෝ සිදුවීම සිතට නැගෙයි. එවිට මා නිරීක්ෂණය කරන්නේ මගේ කෝපය නොවේ. මගේ කෝපයට හේතු වූ බාහිර උත්තේජනයයි. එවිට සිදුවන්නේ සිතේ අපිරිසිදුතාවය වැඩිවීම බැවින් එය විසඳුමක් නොවේ. කිසිම භාවාත්මක හැඟීමක් හෝ ඍණ හැඟීමක් එය ජනිත කළ බාහිර අරමුණෙන් වෙන්කොට නිරීක්ෂණය කළ නොහැක.

කෙසේ වුවද පරමාර්ථ සත්‍යය කරා එළඹුණ උතුමෙකු විසින් නියම විසඳුම සොයා ගෙන ඇත. සිතෙහි කවර හෝ ක්ලේෂයක් ජනිත වන අවස්ථාවක ශාරීරික මට්ටමින් ක‍්‍රියාවන් දෙකක් සිදුවෙයි. එකක් නම් ආශ්වාස ප‍්‍රශ්වාසයෙහි ස්වාභාවික රිද්මය බිඳ වැටීමයි. සිත අපිරිසිදු වූ ඕනෑම විටෙක අපි තදින් හුස්ම ගැනීමට පටන් ගනිමු. එය නිරීක්ෂණය කිරීම පහසුය. එවිටම ඊට වඩා සියුම් මට්ටමකින් ශරීරය ඇතුළත ජෛව රසායනික ක‍්‍රියාවක් ඇරඹි සංවේදනාවක් ජනිත වෙයි.

මෙයින් අපට ප‍්‍රායෝගික වූ විසඳුමක් ඉදිරිපත් වෙයි. සාමාන්‍ය තැනැත්තෙකුට සිතේ මතුවන භාවාත්මක ක්ලේශයන්*භාවාත්මක භීතිය, තරහා හෝ කාමය නිරීක්ෂණය කිරීම කළ නොහැක. එහෙත් නිසි මඟ පෙන්වීමක් හා පුහුණුවක් ලැබීමෙන් පසු එය ඉතා පහසු වෙයි.

ආශ්වාස ප‍්‍රශ්වාස සහ ශාරීරික සංවේදනා අපට මාර්ග දෙකකින් ප‍්‍රයෝජනවත් වෙයි. සිතේ කිසියම් ක්ලේශයක් මතු වූ විට සිය සාමාන්‍ය ස්වභාවය අහිමි වන ආශ්වාස ප‍්‍රශ්වාස ”ඔන්න මොනවා හරි වැරදීමක් වෙලා”යි හඬ නඟා පවසනු ඇත. ආශ්වාස ප‍්‍රශ්වාසයට දොස් නැගිය නොහැකි නිසා අපට ඒ අනතුරු ඇඟවීම පිළිගැනීමට සිදුවෙයි. එලෙසින්ම ශාරීරික සංවේදනා කිසිවක් වැරදි ඇති බව අපට පවසනු ඇත. එසේ අනතුරු හඟවනු ලැබ අප ආශ්වාස ප‍්‍රශ්වාස සහ සංවේදනා නිරීක්ෂණය කිරීම ඇරඹූ විට ඉතා ඉක්මණින් ක්ලේශය පහව යන බව අපට පැහැදිලි වෙයි.

මෙම ශාරීරික හා මානසික (නාම*රූප* ක‍්‍රියාදාමය එකම කාසියක දෙපස වැන්න. එක් පසෙක සිතේ ජනිත වන හැඟීම් හා සිතුවිලිය. අනෙක් පස ආශ්වාස ප‍්‍රශ්වාස සහ ශාරීරික සංවේදනාවන්ය. සිතේ මතුවන හැගීම් සිතුවිලි හෝ ක්ලේශයන් ආශ්වාස ප‍්‍රශ්වාසයෙන් හා ශාරීරික සංවේදනාවන්ගෙන් පිළිබිඹු වෙයි. එනයින් ආශ්වාස ප‍්‍රශ්වාසය හෝ සංවේදනා නිරීක්ෂණයේදී ඇත්ත වශයෙන්ම අප නිරීක්ෂණය කරන්නේ සිතේ මතුවන ක්ලේශයන්ය. අපි ප‍්‍රශ්නයෙන් පලායාම වෙනුවට පවතින සත්‍යයට එලෙසින්ම මුහුණ දෙමු. එහි ප‍්‍රතිඵලයක් ලෙස චිත්ත ක්ලේශයන්හි බලය පිරිහෙන අතර ඒවා අතීතයෙහි මෙන් අප මුසපත් කරවීමට සමත් නොවන්නේය. අප මේ ස්වයං නිරීක්ෂණය නොකඩවා කරගෙන ගියහොත් කාලය සමග ක්ලේශයන් සපුරාම පහව ගොස් සාමයෙන් හා සතුටෙන් සිටීමට හැකිවෙයි.

මේ අයුරින් ස්වයං නිරීක්ෂණ ක‍්‍රමය මගින් සත්‍යය දෙයාකාරයකින් ප‍්‍රකට වේ. එනම් අභ්‍යන්තර සත්‍යය හා බාහිර සත්‍යය වශයෙනි. මින් පෙර බැහැරට යොමු වී සිටි අපට අභ්‍යන්තර සත්‍ය ස්වභාවය මග හැරී තිබිණි. අපි නිබදවම අපේ අසන්තෝෂයට හේතුව සොයා බාහිර ලොව විමසුවෙමු.

නිරතුරුවම බාහිර සත්‍යතාවයට දොස් පවරමින් එය වෙනස්කර ගැනීමට උත්සාහ කළෙමු. අභ්‍යන්තර සත්‍යතාවය පිළිබදව අවිද්‍යාවෙන් පසු වූ අපි අපේ දුකට හේතුව අප තුළම පවතින ප‍්‍රියජනක හා අප‍්‍රියජනක සංවේදනාවන්ට අන්ධ ලෙස ප‍්‍රතික‍්‍රියා දැක්වීම බව වටහා නොගනිමු.

The more one practices this technique, the more quickly negativities will dissolve. Gradually the mind becomes free of defilements, becomes pure. A pure mind is always full of love—selfless love for all others, full of compassion for the failings and sufferings of others, full of joy at their success and happiness, full of equanimity in the face of any situation.

When one reaches this stage, the entire pattern of one's life changes. It is no longer possible to do anything vocally or physically which will disturb the peace and happiness of others. Instead, a balanced mind not only becomes peaceful, but the surrounding atmosphere also becomes permeated with peace and harmony, and this will start affecting others, helping others too.

එසේම විඳින දුක් සියල්ලම හමුවෙහි ඇතුලාන්ත වශයෙන් උපේක්ෂාවෙන් සිටීමට පුහුණුවීම හේතුවෙන් බාහිර ලෝකය තුළ අත්විදින්නට සිදුවන සියලූ අත්දැකීම් වලදී නොබැඳුණු බවක් වර්ධනය වෙයි. කෙසේ වුවද මේ නොබැඳුණු බව ලෞකික ප‍්‍රශ්න වලින් පලායාමක් හෝ නොසළකා හැරීමක් නොවේ. නොකඩවා විපස්සනා පුහුණුවේ යෙදෙන තැනැත්තා අන් අයගේ දුක් දොම්නස් වලට වඩ වඩාත් සංවේදී වන අතර දුක් විදින තැනැත්තා විඳින දුකෙන් මුදවා ගන්නට හැකි අයුරින් ක‍්‍රියා කරන අතර එසේ කරන්නේද කැළඹීමකින් තොරව මෛත‍්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන් හා උපේක්ෂාවෙන් පිරුණු සිතිනි. සිතේ සමබරතාවය රැුක ගනිමින්ම අන් අයට පූර්ණ කැපවීමෙන් පූර්ණ සහභාගීත්වයෙන් යුතුව උපකාර කිරීමට ඔවුහු ඉගෙන ගනිති.

බුදුන් වහන්සේ ඉගැන්වූයේ මෙයයිx ජීවත්වීමේ කලාවයි. උන්වහන්සේ ආගමික සංස්ථාවක්, ආගමක් ගොඩනැගුවේ නැත. උන්වහන්සේ සරණ ගිය අයට යාගහෝම පුද පූජා පුහු වතාවත් ආදිය ඉගැන්වූයේ නැත. ඒ වෙනුවට ස්වාභාවික සත්‍යය, තමා තුළ සත්‍ය ස්වභාවය නිරීක්ෂණය කරන්නට ඉගැන්වූහ. අවිද්‍යාව නිසා අපි අපට මෙන් අන් අයටද හානිකර අයුරින් ප‍්‍රතික‍්‍රියා දක්වන්නෝ වෙමු. එනමුදු ප‍්‍රඥාව * අප තුළ සත්‍ය ස්වභාවය එලෙසින්ම දැකීමේ ප‍්‍රඥාව*පහළ වන විට ප‍්‍රතික‍්‍රියා දැක්වීමේ පුරුද්ද ගිලිහී යයි. අප අන්ධ ලෙස ප‍්‍රතික‍්‍රියා කිරීමෙන් මිදෙන විට අපට නියමාකාරයට ක‍්‍රියා කිරීමේ හැකියාව ලැබෙයි. එවැනි ක‍්‍රියාවක් නිර්මාණශීලි ධනාත්මක සහ තමාටත් අන් අයටත් උපකාරී වන ක‍්‍රියාවක්ම පමණක් වෙයි.

සෑම ප‍්‍රඥාවන්ත පුරුෂයෙකුම අවවාද දුන් පරිදි ”තමාම හඳුනා ගන්න”ට අපට අවශ්‍ය වන්නේ කුමක්ද? අප විසින් අප හඳුනාගත යුත්තේ හුදු බුද්ධියෙන් අදහස් හා සිද්ධාන්ත මට්ටමින් හෝ හුදු හැගීම්බර, භක්තිමත් ස්වභාවයෙන් හෝ අප අසා කියවා ඇති දෙයට නිතැතින්ම එකග වීමෙන් හෝ නොවේ. ඒ දැනුම ප‍්‍රමාණවත් නොවේ. අප විසින් සත්‍ය ස්වභාවය අත්විඳිය යුතුය. ශාරීරික හා මානසික සබඳතාවය පිළිබඳ සත්‍ය ස්වභාවය අපි ඍජුවම අත්විඳිය යුතු වෙමු. අපට කෙලෙසුන් දුරු කිරීමට හා දුකින් මිදීමට උපකාරී වන්නේ එයම පමණි.

අප තුළ වූ අපේම සත්‍ය ස්වභාවය ඍජුවම අත්විඳීම, මෙම ස්වයං නිරීක්ෂණයේ යෙදෙන ක‍්‍රමය*විපස්සනා භාවනා ක‍්‍රමය ලෙස හැඳින්වේ. බුදුන්වහන්සේගේ කාලයේ ඉන්දියාවේ භාවිත වූ බසින් ”පස්සනා” නම් විවෘත දෑසින් සාමාන්‍ය ලෙස දැකීමයි. එහෙත් ”විපස්සනා”යනු කිසියම් දෙයක සත්‍ය ස්වභාවය ඇති සැටියෙන්ම දැකීම මිස එය තමාට පෙනෙන ආකාරයට දැකීම නොවේ. ශාරීරික හෝ මානසික ව්‍යූහයේ පරමාර්ථ සත්‍ය ස්වභාවය පූර්ණ ලෙස දකින තුරුම අප මතු පිටින් පෙනෙන ස්වභාවය විනිවිද යා යුතුය. අප මෙම සත්‍ය ස්වභාවය අත්දකිමින්, අන්ධ ලෙස ප‍්‍රතික‍්‍රියා නොකර සිටින්නේ කෙලෙසද යන්න ඉගෙන ගන්නා විට, නව සංස්කාරද ඇතිකරගැනීමෙන් වැළකී සිටින අතර පැරණි සංස්කාරද කෙමෙන් දුරු වී යයි. එවිට සියලූ දුකින් මිදෙන අපි සැබෑ සතුට අත් විඳිමු.

විපස්සනා පාඨමාලා පුහුණුව පියවර තුනකින් සමන්විතය. පළමුව කෙනෙකු අන්කෙනෙකුගේ සාමය සමාදානය බිඳෙන අයුරින් ශාරීරිකව හෝ වාචිකව ක‍්‍රියාවන් කිරීමෙන් වැළකිය යුතුය. ශාරීරිකව හෝ මානසිකව කෙලෙසුන් වැඩිදියුණු වන අයුරින් හැසිරෙන අතරම මනස කෙලෙසුන්ගෙන් දුරු කර ගැනීමටද ක‍්‍රියා කළ නොහැක. එනිසා පුහුණුවේ පළමු අත්‍යාවශ්‍ය පියවර වන්නේ සිල්වත් වීමයි. කෙනෙකු ප‍්‍රාණඝාතයෙන්, නුදුන් දේ ගැනීමෙන්, කාම මිථ්‍යාචාරයෙන්, බොරු කීමෙන්,සහ මත්පැන් පානයෙන් වැළකී සිටීමට එකඟවෙයි. එම ක‍්‍රියාවන්ගෙන් වැළකී සිටීම නිසා අප යෙදෙන්නට යන කාර්යය කරගෙන යාමට ප‍්‍රමාණවත් තරමට මනස සන්සුන් වෙයි.

ඊළඟ පියවර නම් මේ කලබලකාරී සිත එකම අරමුණක, එනම් ආශ්වාස ප‍්‍රශ්වාසයෙහි නොකඩවා රඳවා තබා ගැනීමට හැකිවන ප‍්‍රමාණයට සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමය. කෙනෙකු සිය අවධානය ආශ්වාස ප‍්‍රශ්වාස මත හැකිතරම් වේලාවක් නොකඩවා රඳවා තබා ගැනීමට වෑයම් කරන්නේය. එය ව්‍යායාමයක් නොවේ. කෙනෙකු ස්වාභාවික ආශ්වාස ප‍්‍රශ්වාස, ඇතුල් වන විට ඒ අයුරින්මද, පිටවන විට ඒ අයුරින්මද නිරීක්ෂණය කරන්නේය. තවදුරටත් දැඩි කෙලෙසුන්ගේ බලයට නතු නොවන සිත මේ මගින් තව තවත් නිවේ. ඒ සමඟම ඔහු සිත එකඟ කරගනිමින් තියුණු බවට හා විනිවිද යන සුළු බවට පත්කර ගනිමින් විපස්සනාව වැඞීම සඳහා සකස් කර ගනියි.

සිල්වත්ව ජීවත්වීම සහ සිත එකඟ කර ගැනීම යන පළමු දෙපියවර තනිතනිව ගත් කල වුවද ප‍්‍රයෝජනවත්ය. එහෙත් තෙවන පියවර එනම්, තමා තුළ වූ සත්‍ය ස්වභාවය විනිවිද දකින්නට මනස කෙලෙසුන්ගෙන් වියුක්ත කිරීම නොකරන්නේ නම් එම පළමු දෙපියවර කෙලෙසුන් යටපත් කිරීමට පමණක් ඉවහල් වෙයි. තෙවන පියවර නම් විපස්සනා වැඞීමයි. එනම්, නිරන්තරයෙන් වෙනස්වෙමින් සංවේදනා ලෙස ප‍්‍රකට වන නාමරූප (චිත්ත*ශාරීරික* ක‍්‍රියාදාම තමා තුළ අත්දකිමින්, ක‍්‍රමාණුකූල හා හැඟීම්බර වීමෙන් තොරව නිරීක්ෂණය කිරීමයි. මේ බුදුන් වහන්සේගේ ධර්මයෙහි අග‍්‍රඵලයයි. ස්වයං නිරීක්ෂණයෙන් ස්වයං විශුද්ධියට පත්වීමයි.

එය සෑම කෙනෙකුටම පුහුණුවිය හැක. සෑම කෙනෙක්ම දුක නම් වූ ගැටළුවට මුහුණ දෙයි. එය විශ්ව සාධාරණ ප‍්‍රතිකර්මයක් අවශ්‍ය වන විශ්ව සාධාරණ රෝගයකි. කිසිවෙකු කෝපයට පත් වූ විට එය බෞද්ධ කෝපයක්, ක‍්‍රිස්තියානි කෝපයක් නොවේ. කෝපය යනු කෝපයයි. කෙනෙකු චිත්ත කැළඹිල්ලට පත් වූ විට එය ක‍්‍රිස්තියානි යුදෙව් හෝ මුස්ලිම් කැළඹිල්ලක් නොවේ. රෝගය විශ්වයටම පොදුය. ප‍්‍රතිකාරයද සියල්ලන්ටම පොදු විය යුතුය.

විපස්සනා එවැනි ප‍්‍රතිකර්මයකි. අන් අයගේ සාමය සමාදානය රැුකෙන සේ සිල් රැුකීම පිළිබඳව කිසිවෙකුටත් විරුද්ධ විය නොහැක. සිතේ අපිරිසිදු බව නැති කර ගැනීමට ඉවහල් වන අයුරින් තමාගේ ස්වභාවය විනිවිද දැකීමේ ස්වභාවය දියුණු කර ගැනීම පිළිබඳ කිසිවෙකුටත් විරුද්ධ විය නොහැක. විපසස්නා විශ්ව සාධාරණ මාර්ගයකි.

ඇතුලාන්ත සත්‍ය ස්වභාවය නිරීක්ෂණය කිරීම මගින් සත්‍ය ස්වභාවය ඒ පවතින අයුරින්ම නිරීක්ෂණය කිරීම කෙනෙකු ඍජුවම අත්දැකීමක් ලෙස තමා හඳුනා ගැනීමයි. විපස්සනා පුහුණු වන විට, කෙනෙකු දුකට හේතුවන කෙලෙසුන්ගෙන් මිදීම සිදුවේ. නාමරූප ධර්මතාවය ගොරෝසු බාහිර, මතුපිටින් පෙනෙන සත්‍යයේ සිට පරමාර්ථ සත්‍යය කරා විනිවිද ගමන් කරයි. කෙනෙක් එයද ඉක්මවා නාමරූප ධර්මතාවයෙන් ඔබ්බෙහි, කාලය හා අවකාශය පිළිබඳ සීමාවන්ගෙන් ඔබ්බෙහි, සාපේක්ෂ ද‍්‍රව්‍යමය තලයෙන් ඔබ්බෙහි වූ සත්‍යය* සියලූ කෙලෙසුන්ගෙන් සියලූ අපිරිසිදුතාවයෙන් සියලූ දුකින් විනිර්මුක්ත වූ සත්‍යය අත්දකී. කෙනෙකු මෙම සත්‍ය හඳුන්වන්නට යොදන නම අදාල නැත. සෑම කෙනෙකුගේම අවසාන අරමුණ එයයි.

ඔබ සියලූ දෙනාම පරමාර්ථ සත්‍යය අවබෝධ කරගනිත්වා. සියල්ලෝම කෙලෙසුන්ගෙන් මිදෙත්වා` දුකින් මිදෙත්වා. සියල්ලන්ටම සැබෑ සාමය සැබෑ සතුට, සැබෑ සැනසිල්ල අත්වේවා.

සියලුදෙනාම සතුට ලබත්වා